News

අසත්‍ය ප්‍රචාර නිසා කොළඹ එන්නත්කරණයට බාධා

කොළඹ මහ නගර සභා බල සීමාවේ ලක්ෂ හතරකට කොවිඩ් එන්නත ලබා දීමට සැලසුම් කර ඇතත් අසත්‍ය ප්‍රචාර හේතුවෙන් අපේක්ෂිත ඉලක්කයට ළඟා විය නොහැකි තත්ත්වයක් මතුව තිබේ.

විශේෂයෙන්ම තරුණ ප්‍රජාව එන්නත්කරණයට පැමිණීම අවම වී ඇත.

ලිංගික අප්‍රාණිකත්වය, දරුවන් ලැබීමේ නොහැකියාව වැනි අසත්‍ය ප්‍රචාර හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇතැයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි පවසයි. විශේෂයෙන් මුස්ලිම් තරුණ ප්‍රජාව එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බව වාර්තා වී තිබේ.

උදයජීව ඒකනායක