News

අසාත් සාලිට තාලතාගෙන් චෝදනා

අධිකරණයේ විනිසුරුවන් පිළිබඳව මාධ්‍යයට ප‍්‍රකාශයක් කිරීමට පෙර ජනාධිපතිවරයා අගමැතිවරයා හෝ අධිකරණ අමාත්‍යවරිය ලෙස තමන් දැනුවත් කිරීමේ යුතුකමක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතාට තිබෙන්නට අවශ්‍ය අධිකරණ සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සඳහන් කරයි.

කිසිදු විනිසුරුවෙකු සම්බන්ධව මෙතෙක් තමන් වෙත කරුණු අනාවරණය වී නොමැති බව පවසන ඇමැතිවරිය මේ ප‍්‍රකාශය හේතුවෙන් විනිසුරුවරයකුට සිත් රිදීමක් වූයේ නම් තමන් කණගාටුව පළ කරන බව ද කියා සිටි අතර වෙතත් ත‍්‍රස්තවාදයට සහය දෙන බවට කවර හෝ නිලධාරියකු පිළිබඳව ඔප්පු වුවහොත් තරාතිරම නොබලා නීතිය ක‍්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බව අමාත්‍යවරිය සඳහන් කරයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් පසුගියදා කර ඇති ප‍්‍රකාශයක් සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළේය.