News

අහසට වෙඩි තබා තලංගම ඉන්ධන පිරවුම්හලකින් දෙදෙනෙකු මුදල් කොල්ලකයි

තලංගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට පැමිණි කොල්ලකරුවන් දෙදෙනකු එහි සේවකයින් බිය ගන්වා මුදල් කොල්ල කා පළාගොස් ඇති බව වාර්තා වෙයි.

ඊයේ රාත්‍රී 7.30 ට පමණ යතුරු පැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු අහසට වෙඩි තබා ඇති බව පොලීසිය සඳහන් කළ අතර කොල්ලකන ලද මුදල් ප්‍රමාණය මෙතෙක් අනාවරණය වී නොමැත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.