අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බවයි.
පසුගිය අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 321,469 දෙනෙකු පෙනී සිටියා.
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් අතුරින් 167,907 ක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව කියා සිටියා.