News

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීම හෙට

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (11දා) පෙරවරු 10.30 ට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාපතීත්වය දරණ මෙයෙහුම් කමිටුව වෙත ඉදිරිපත් වු විද්වත් කමිටු වාර්තාව හෙට (11දා) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමට නියමිත අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂ නායකයින් මෙහිදී අදහස් දැක්වීමට නියමිතය.

ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව ඊයේ රැස්වීමෙන් අනතුරුව ගනු ලැබූ තීරණයකට අනුව මෙම වාර්තා හෙට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.