ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට එම ධුර වලින් ඉවත්වෙන ලෙස ජනපති දැනුම් දෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට එම ධුර වලින් ඉල්ලා අස් වන ලෙස දැනුම් දී ඇත.
ආණ්ඩුකාරවරුන්ගේ සංශෝධනයක් සඳහා ජනාධපතිවරයා විසින් අදාළ දැනුම් දීම සිදුකළ බවට වාර්තා වන අතර අදාළ දැනුම්දීමට අනුව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත බාරදී ඇති බවට ආරංචිමාර්ග සඳහන් කරයි.