ආණ්ඩුවක් පවතිනවා යන්න විශ්වාසය ඇති කිරීමට නම් ජාතික ආණ්ඩු සංකල්පය අවශ්‍යයි
රටට සේවය කිරීම සඳහා ස්ථාවර දේශපාලන ආණ්ඩුවක් සෑදීමට නම් ජාතික ආණ්ඩුවක් අවශ්‍ය බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි. කෑගල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජාතික ආණ්ඩු සංකල්පය සෑදීම සිදු කර ඇත්තේ බොහෝ විනිවිද භාවයකින් බව අමාත්‍යවරයා පැවසු අතර ජාතික ආණ්ඩුව සෑදීම සිදු කරන්නේ 19වෙනි සංශෝධනයේ සියළුම නීති රීති යටතේ පමණක් බවත් කිසිම විටෙක ව්‍යවස්ථාවට පටහැනි නම් එය සිදු නොකරන බවත් ඒ මහතා කියා සිටියේය.
පවතින ආණ්ඩුවට ස්ථාවර දේශපාලන ආණ්ඩුවක් සෑදීම සඳහා අවස්ථාව ලබාදිය යුතු බව විවිධ මත දරන පිරිස් මේ වන විට තේරුම ගෙන ඇති බවත් ස්ථාවර දේශපාලන ආණ්ඩුවක් පවතිනවා යන්න විශ්වාසය ඇති කිරීමට නම් ජාතික ආණ්ඩු සංකල්පය අවශ්‍ය වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.