ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව අද හා හෙට විවාදයට
ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (07) හා හෙට (08) විවාදයට ගැනීමට නියමිතව ඇත.
ආණ්ඩුවට රට පාලනය කිරීමට අයිතියක් නොමැති බව තමන් මෙම විවාදයේදී කරුණු සහිතව ඔප්පු කරන බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
මේ අතර විශ්වාසභංග යෝජනාවට සහය දීමට තම මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරන අතර එයට සහය දීම සම්බන්ධයෙන් අද දිනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වී තීරණය කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
