ආණ්ඩුවට තනිවමේ ව්‍යසනයට මුහුණ දෙන්න බැහැ
පවතින ව්‍යසනකාරී තත්ත්වය පාලනය කිරීම ආණ්ඩුවකට හෝ ආයතනයකට තනිව කළ නොහැකි බවද ඒ සඳහා ජාති ආගම් දේශපාලන භේද නොමැති ජාතික මෙහෙයුමක් ආරම්භ කළ යුතු බවද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඊයේ (18 වැනිදා) ප්‍රකාශ කළේය.
ලංකාව තුළ කොරෝනා රෝගය වර්ධනය වීමේ සීග්‍රතාවයක් පෙනෙන බව කී ජවිපෙ ලේකම්වරයා ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කරගනිමින් මෙම අභියෝගය ජයගත යුතුව ඇතැයිද කීය.
මෙම තත්ත්වය පාලනය කරගැනීම පුද්ගලයකුට, ආයතනයකට, ආණ්ඩුවකට තනිව කළ නොහැකි බව දැනටමත් ඔප්පුවී තිබෙනවා. ආණ්ඩුව, රජයේ ආයතන, ස්වේච්ඡා සංවිධාන, විවිධ දේශපාලන පක්‍ෂ සහ මුළු රටම එකතු කරගත් ජාති ආගම් දේශපාලන භේදයක් නැති ජාතික මෙහෙයුමක් ආරම්භ කළ යුතුයි.
රට ආර්ථික අර්බුදයකට මුහුණදී තිබුණත් ආර්ථිකය ගැන සිතනවාට වඩා ජනතාවගේ ජීවිත පිළිබඳව අවධානය යොමුකළ යුතු මෙවැනි මොහොතක ආර්ථිකය සහ ඇතැම් සේවා දුබල වීමටත්, නිෂ්පාදන මාර්ග අවහිර වීමටත් හැකියාව තිබෙනවා.
එවැනි තත්ත්වයක් තේරුම් ගැනීමට ජනතාවට හැකියි. ආණ්ඩුව ප්‍රමුඛතාවය දිය යුත්තේ මිනිස් ජීවිත සුරක්‍ෂිත කිරීමට සහ රෝගය බෝවීම මැඬ පැවැත්වීම සඳහා මුත් එවැනි අවබෝධයක් සහිතව වගකීමෙන් ආණ්ඩුව වැඩ කරන බවක් දකින්නට නැහැ.
මෙම මොහොතේ විවේචන ඉදිරිපත් නොකර මෙම වැඩපිළිවෙළෙහි කොටස්කරුවන් වීමට තම පක්ෂයේ දායකත්වය ලබාදීමට කැමැතියි. එහෙත් ගැටලුව වන්නේ එවැනි ඉඩක් නිර්මාණය නොවීම යැයිද ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
අජිත් අලහකෝන්
