ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරයෙක්ගේ මංකොල්ලයක් ගැන පාර්ලිමේන්තුවේදී හෙළිකරනවා
රටේ ජනාධිපතිවරයා වැරදි තීරණ ගන්නකොට අමාත්‍ය මණ්ඩලය අරාජික වන කොට සමහරක් අපේ ආණ්ඩුවේ ඉන්න අමාත්‍යවරු විවිධ කටයුතු කරන නිසා මම අකමැත්තෙන් හෝ බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉදිරි 18වනදා පර්ලිමේන්තු සැසිවාරයේදී අපේ ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරයෙක් කර ගෙන යන යම් කිසි මංකොල්ලයක් ගැන මේ රටට හෙළිකරන්න.
අපි එදාට තීරණය කරනවා මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල තුළ අපි ඉන්නවද නැද්ද කියන කරණය කතා කරලා දැඩි දේශපාලන තීන්දුවක් ගන්න අපි සුදානම් යයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසීරි බණ්ඩාරවෙල ප්‍රදේශයේ උත්සවයකට සහභාගීවෙමින් ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා අමාත්‍ය මණ්ඩලයේ වෙනසක අවශ්‍යතාවය දැඩි ලෙස රටට දැනී තියෙන බවත් ඒ වෙනුවෙන් තමන් එලියට බැහැලා සටන් කිරීමට සුදානම් බවත් සඳහන් කළේය.
