News

ආණ්ඩුව මේ මොහොතේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි

ආණ්ඩුව මේ මොහොතේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා.

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් කොස්ගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට ලබාදිය යුතු බවයි.

පාදුක්ක ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ එම මැතිවරණය පැවැත්වීම වැලැක්වීම සඳහා ආණ්ඩුව සියළු ආකාරයේ අවහිර කිරීම් සිදු කරන බවයි.