News

ආණ්ඩුව රටේ ආදායමෙන් වැඩි කොටසක් සමාජ සංවර්ධනය සඳහා වෙන් කළ බව අගමැති කියයි

වත්මන් ආණ්ඩුව රටේ ආදායමෙන් වැඩි කොටසක් සමාජ සංවර්ධනය සඳහා වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

කොළඹ අද(22) පැවති උපාධි ප්‍රධානෝත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළ අතර ජාතික සමාජ සංවර්ධන ආයතනයේ උපාධි ප්‍රදානෝතසවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේදී අද පැවැත්විය.

ආණුවක් ලෙස විශාල මුදලක් ණය ගෙවීම සඳහා යෙදවීමට සිදු වු බව ද සඳහන් කළ අගමැතිවරයා එම ණය ගෙවා දැමීමට හැකියාව ඇත්නම් අතීතයේ ජනාධිපතිවරණයක් නොපවත්වන බව පැවසු අතර ඩොලර් මිලියන 5900 ක් ණය වශයෙන් ගෙවීමට සිදුවීමෙන් අදායම විශාල වශයෙන් එයට යෙදවු බවත් තවත් කොටසක් රජයේ සේවකයින්ගේ පඩි ගෙවීමට යෙදවීමට සිදුවු බවත් අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.