ආණ්ඩු පක්ෂයේ සහ එජාප පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම් අද රැස්වෙයි
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම අද (02) පෙරවරු රැස්වීමට නියමිතව තිබේ.
අද පෙරවරු 11.00ට මෙම රැස්වීමට පැවැත්වීමට නියමිතයි.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙනි.
මෙහිදී ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක සහ සභානායකවරයා තෝරා ගැනීමට ද නියමිතයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රී කණ්ඩායම් රැස්විම ද අද (02) පැවැත්විමට නියමිතව තිබේ.
එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කළේ අද පස්වරු 3.00ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිත යි.
