News

ආණ්ඩු පක්ෂය අද දිනයේත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

අද දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි නොවීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති බවට එස්. බී. දිසානායක අමාත්‍යවරයා පවසනවා.

ආණ්ඩු පක්ෂ කණ්ඩායම අද දිනයේ පක්ෂ නායක රැස්වීමට ද සහභාගි වූයේ නැහැ.

කෙසේ වෙතත් මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේ කාරක සභා අංක 1 කාමරයේ මේ වන විට ආණ්ඩු පක්ෂයේ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙනවා.