ආනයනකරුවන් සිව්දෙනෙකුගේ තෙල් සාම්පල පරීක්ෂාවට
දිගු කලක් මෙරටට පොල් තෙල් ආනයනය කරනු ලබන ආයතන හතරක තෙල් සාම්පල පරීක්ෂා කරමින් සිටින බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසයි.
නිවේදනයක් නිකුත් එම ආයතනය සදහන් කළේ අදාළ තෙල් සාම්පල පරීක්ෂණවල ප්‍රතිඵල දින කිහිපයක් ඇතුළත නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි.
ඒ අනුව අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, සේනා මිල්ස් පිරිපහදුව, එඩිරිසිං එඩිබල් ඔයිල් සහ කටාන පිරිපහදුව සමාගම යන සමාගම්වල තෙල් සාම්පල එලෙස පරීක්ෂා කරමින් පවතින බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පැවසීය.
පරීක්ෂණ ප්‍රතිපල මත පදනම්ව, ශ්‍රී ලංකා ප්‍රමිතිඅධිකාරිය සෞඛ්‍ය අමාත්‍යාංශය (ආහාර පරීක්ෂාව) සහ ශ්‍රී ලංකා රේගුව සමඟ එක්ව තත්ව පාලනය සුදුසු නම් පමණක් ඉහත ආනයන විකිණීම සදහා අවශ්‍ය අනුමැතිය ලබා දෙනු ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සදහන් කරයි.
ආනයනකරුවන් 4 දෙනෙකු විසින් රටට ආනයනය කරන සෞඛ්‍යයට අහිතකර පොල්තෙල් විකිණීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අවසර දී ඇති බවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මුළුමනින්ම ව්‍යාජ හා අසත්‍ය චෝදනාවක් ඉදිරිපත් කර ඇති බව එම නිවේදනය මගින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වැඩි දුරටත් පෙන්වා දෙයි.