News

ආබාධිත පොලිස් නිලධාරීන්ට චීනයෙන් දුන් හතළිස් ලක්ෂය භාණ්ඩාගාරයේ පුස්කයි

රාජකාරියේ යෙදී සිටිය දී ආබාධිත වන පොලිස් නිලධාරීන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් චීනයෙන් ලැබුණු රුපියල් හතළිස් ලක්‍ෂයකට අධික මුදලක් පස් වසරක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ගිණුමක තැන්පත් කර ඇතැයි විගණන පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

පරිත්‍යාග වශයෙන් ලැබී ඇති මෙම මුදල මෙම වසරේ දී සුබසාධන කාර්යය වෙනුවෙන් යෙදවීමට අපේක්ෂා කරන බව පොලිස් දෙපාර්තමේන්තුව විගණන නිලධාරීන්ට ප්‍රකාශ කර ඇතත් මේ දක්වා එම කටයුතු සිදු වී නොමැති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ‘සතිඅග අරුණ’ට පැවසීය.

විගණන නිර්දේශය වී තිබුණේ එම පරිත්‍යාගය වහාම සුබසාධන කටයුතු වෙනුවෙන් යොදා ගැනීම ය.

නිලන්ත මදුරාවල