News

ආබාධිත රණවිරුවන් සංදේශයක් භාරදීමට අද මුදල් අමාත්‍යංශයට

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරතවන ආබාධිත රණවිරුවන් සිය ඉල්ලීම් ඇතුළත් සංදේශයක් අද (19) මුදල් අමාත්‍යවරයා වෙත භාරදීමට සූදානම් වේ.

එමෙන්ම සිය ඉල්ලීම් ඉටුවන තුරු කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිදුකරන සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මක කරන බව රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ.ඩී. වසන් මහතා පැවසුවේය.