News

ආමි සමන්ත රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු වන බාලසිංහ පේලිගේ සමන්ත හෙවත් ආමි සමන්ත රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාදෙයි.

සැකකරු දිවුලපිටිය බඩල්ගම – කෙහෙල් ඇල්ල ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන්පසු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් කේසර සමාරදිවාකර සැකකරු රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දි ඇත.