News

ආරක්ෂක ඇමතිට හා ආරක්ෂක ලේකම්ට වාහන ගන්න කෝටි 19ක්

ආණ්ඩුවට අවශ්‍ය වාහන මිලදීගැනීම මෙන්ම වී මිලදී ගැනීම ඇතුළු ආණ්ඩුවේ වියදම් රාශියක් වෙනුවෙන් රුපියල් කෝටි හත්සිය දොළහක අතිරේක මුදලක් ඉල්ලා ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ (07දා) පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ආරක්‍ෂක ලේකම්වරයාට වාහනයක් මිළදී ගැනීමට සහ ආරක්‍ෂක ඇමතිවරයාට ආරක්‍ෂක රථයක් මිළට ගැනීම සඳහා රුපියල් කෝටි දහ නවයක් (කෝටි 19ක්), ආරක්‍ෂක අමාත්‍යාශයට බස් රථ 07ක්, ට්‍රක් රථ 06ක්, ගලි බවුසර් 02ක්, ජල බවුසර් 01ක් සහ ත්‍රිරෝද රථ 07ක් මිළදී ගැනීම සඳහා රුපියල් දස කෝටි දස ලක්‍ෂයක් මෙම පරිපූරක ඇස්තමේන්තුව මගින් ඉල්ලා ඇති අතර බාල වයස්කාර වරදකරුවන් සහ වින්දිතයින් ප්‍රවාහනය කිරීම සඳහා ටොයෝටා හයිඑස් වෑන් රථ 05 ක් මිළට ගැනීම සඳහාද මෙම පරිපූරක ඇස්තමේන්තුව මගින් රුපියල් හාර කෝටි හැත්තෑ ලක්‍ෂයක මුදලක් ඉල්ලා තිබේ.