News

ආරක්ෂක හේතුන් මත කොළඹ මහ ලේකම් කාර්යාල දුම්රිය නැවතුම් පළ වසා දමයි

ආරක්ෂක හේතුන් මත මුහුදුබඩ මාර්ගයේ කොළඹ මහ ලේකම් කාර්යාල දුම්රිය නැවතුම් පළ නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයින පුරා දුම්රිය ස්ථාන වල ආරක්ෂාව සදහා සිවිල් ආරක්ෂක භටයින් හා දුම්රිය ආරක්ෂක අංශ සාමාජිකයින් යොදවා ඇති බවයි.

ප්‍රධාන දුම්රිය ස්ථානවල ආරක්ෂාව සදහා ගුවන් හමුදාව, යුද හමුදාව සහ පොලිසිය යෙදවීමටද පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.