ආසනේට ගියාම ගහන්න හදනවා – පාර්ලිමේන්තුවට ආවම මිරිස් කුඩු ගහනවා
තමන්ට හිමිව තිබෙන වරප්‍රසාද කඩවී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියා.
“අපිට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නෑ, මිරිස්කුඩු ගහනවා. ආසනේට ගියාම පිට අය අය ඇවිත් මට පෙට්‍රල් බෝම්බ ගහන හිටියා. මම ඒ ගැන පොලීසියට පැමිණිලි කළා. අද වෙනකම් පොලීසියෙන් කිසිම දෙයක් කරලා නෑ. පරීක්ෂණ නොකරපු OIC අද ASPකරලා. පාර්ලිමේන්තුවට ආවම මිරිස්කුඩු ගහනවා. ආසනේට ගිහාම පිට අය ඇවිත් ගහන්න හදනවා. IGPට කතා කළා. IGPෆෝන් එක ආන්සර් කළේ නෑ. තවම කාවවත් අත්අඩංගුවට අරං නෑ. අපි කොහොමද මේ රටේ ජීවත් වෙන්නේ? මිනිස්සු අහනවා පාරට බහින්නද කියලා.”