ආසන 53 බස්රථය පැදවූ බාල වයස්කරු අත්අඩංගුවේ
ආසන පනස්තුනකින් යුත් බස් රථයක් පාසල් යන වයසේ දරුවකුට ධාවනයට ඉඩදුන් බස් රථ හිමියකු හා බස් රථය පැදවූ ඔහුගේ පුතා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මිද්දෙණිය පොලිසිය පියවර ගෙන ඇත.
තම නිවසේ සිට මිද්දෙණිය නගරය දක්වා බාල වයස්කරුවකුට බස් රථයක් පදවාගෙන යෑමට ඉඩ ලබා දීමේ චෝදනාවට බස්හිමියා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.බස් රථය පදවාගෙන ආ 15 හැවිරිදි ළමයා බස් රථය ද සමග මිද්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. රියැදුරු බලපත්‍ර සහිත කෙනකු ඉදිරිපත් කළ පසු බස් රථය හා පාසල් දරුවා පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇත.
•තිස්ස රවීන්ද්‍ර පෙරේරා