ආසාදිතයින් 243දෙනෙකුට සුවයි
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 243දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 88,388ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 91,561ක් වන අතර රෝගීන් 2615දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.