News

ඇඟලුම් ක්ෂේත්‍රයට බිලියන 1.5ක අලාභයක්

මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ 2020 මාර්තු මාසයේ සිට ජුනි මාසය දක්වා කාලයේදී රුපියල් බිලියන 1.5ක අලාභයක් ලබනු ඇතැයි ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සම්මේලනය ප්‍රකාශ කරයි.

එහි සභාපති රෙහාන් ලක්ෆනි සඳහන් කරන්නේ තම ගැනුම්කරුවන් හට කොවිඩ්-19 වෛරසයෙන් දැඩි ලෙස පහරවැදීම මෙම අලාභයට හේතුවන බවයි.

මෙරට සමස්ත භාණ්ඩ අපනයනයෙන් 40%ක් නියෝජනය කරන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි. එය මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක ප්‍රමාණයකි.

 

නයන තරංග ගමගේ