News

ඇදිරි නීතිය නොමැති ප්‍රදේශවල බැංකු ශාකා විවෘත කරන්න

ඇදිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල සියලු බැංකු ශාකා විවෘතව තබන්නැයි ජනාධිපති ලේකම්වරයා බැංකු නිලධාරින්ට දැනුම් දෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

බැංකු ශාකා විවෘතව තැබීමේදි ශාකා කළමණාකරු ඇතුලු සීමිත කාර්ය මණ්ඩලයක් යොදා ගතයුතු බවයි එහි දැක්වෙන්නේ.

මේ සඳහා සහය වන්නැයි ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය බැංකු සේවක සංගමයෙන් ඉල්ලීමක් ද කරයි.