News

ඇඳිරිය ඉවත් කළත් දේව මෙහෙයන් ගැන තීරණයක් නෑ

ඇඳිරි නීතිය ඉවත් කළද කතෝලික දේවස්ථානයන්හි දේව ​මෙහෙයන් පැවැත්වීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි කොළඹ අගරදගුරු පදවියේ ජනසන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත පියතුමා පැවසීය.

දේව මෙහෙයන් ආරම්භ කිරීම පිළිබඳ තීරණයක් ගැනීම සඳහා තවත් සතියක් දෙකක් ගතවනු ඇතැයිද මේ හදිසියේ එවැනි තීරණයක් ගැනීම යෝග්‍ය නොවන බවත් අධ්‍යක්ෂ පියතුමා සඳහන් කළේය.

කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තවීම වළක්වා ගැනීම සඳහා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ මාර්තු මස 20 වැනිදා සිට කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන්ද අත්හිටුවිණි.

නිලන්ත මදුරාවල