ඇඳිරි නීතියෙන් පසු ඩීසල්-පෙට්රල් රැගත් පළමු දුම්රිය පිටත් වෙයි
ඩීසල් සහ පෙට්රල් රැගත් දුම්රියක් අද (23) පෙරවරුවේ කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට පේරාදේණිය දක්වා ධාවනය වූ බව ලංකාඛනිජ තෙල් සංස්ථාව පවසයි.
එය ඩීසල් සහ පෙට්රල් ලීටර් 81,200 ක් රැගත් ටැංකි 14 කින් සමන්විත වේ.
ඇදිරිනිය පැනවීමෙන් පසු දුම්රිය ධාවනය නතර කළ පසු අද ධාවනය වන මෙම ඉන්ධන දුම්රිය පළමු දුම්රිය වෙයි.
අද දහවල් 12ට මඩකලපුව බලා පෙට්රල් සහ ඩීසල් 40,000 අඩංගු තවත් දුම්රියක් පිටත්වය යාමට සැළසුම් කර ඇතැයිද සංස්ථාව කියයි.
ගුවන් යානා ඉන්ධන ලීටර් 40,500 බැගින් අඩංගු තවත් දුම්රිය දෙකක් කටුනායක ගුවන්තොටුපොළ දක්වාද පෙට්රල් සහ ඩීසල් ලීටර් ලක්ෂ පහක් අඩංගු තවත් දුම්රියක් අනුරාධපුරය දක්වා ධාවනය කරවීමට සැළසුම් කර ඇතැයි ද සංස්ථාව වැඩිදුරටත් පැවසීය.
