News

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 1327ක් අත්අඩංගුවට

අද (06) උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1,327ක් හා වාහන 312ක් පොලිස් භාරයට ගෙන තිබේ.

ඇඳිරි නීතිය පැන වූ කාලය තුළ අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 14,795 දක්වා ඉහළට ඉහළ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.

එම කාලසීමාව තුළ රථ වාහන 3665ක් පොලිස් භාරයට ගෙන තිබේ.