News

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 6925 දක්වා ඉහළට

අද (30) පෙරවරු 6.00 සිට අද දහවල් 12.30 දක්වා වූ පැය 06ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 75ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 35ක් පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

ඒ අනුව පසුගිය 20 වැනිදා පස්වරු 6.00 සිට මේ දක්වා පුද්ගලයින් 6925ක් අත්අඩංගුවට ගත් අතර, වාහන 1678ක් පොලිස් භාරයට ගෙන තිබේ.