News

ඇඳිරි නීතිය කඩ කළ 7358ක් අත්අඩංගුවට

අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 508 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කාලසීමාව තුළ වාහන 125ක් සිය භාරයට ගත් බව පොලීසිය සදහන් කළේය.

පසුගිය 20 වැනිදා සිට අද උදෑසන 6 දක්වා කාලය අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 7358 කි.

අදාළ කාලසීමාව තුළ වාහන 1768ක් පොලිස් භාරයට ගෙන තිබේ.