News

ඇඳිරි නීතිය ගැන නිකුත් කළ නවතම නිවේදනය

ඇදිරි නීතිය පිළිබද ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිඛේ.

එම නිවේදනය පහතින් දැක්වෙයි.

  • කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු බලපැවැත් වෙයි.
  • පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නිතිය මාර්තු 27 සිකුරාදා පෙ.ව 6.00ට ඉවත් කෙරෙන අතර, එදිනම දහවල් 12.00ට නැවත පනවනු ලැබේ.
  • සෙසු දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නිතිය හෙට (26) බ්‍රහස්පතින්දා පෙ.ව 6.00ට ඉවත් කෙරෙන අතර, එදිනම දහවල් 12.00ට නැවත පනවනු ලැබේ.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් ම තහනම් කර ඇත.

එසේම විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම් වෙයි.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුව ද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේ වතු හා අපනයන බෝග නිෂ්පාදන ක්‍රියාවලියෙහි නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇති බවත් රජය දන්වා සිටියි.

මාධ්‍ය සේවා සඳහා මෙන්ම සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හා එළවළු ප්‍රවාහනයට ඉඩ දෙනු ඇති.

ගුවන් මගීන් සඳහා ගුවන් තොටුපළ හා වරාය සේවා පවත්වාගෙන යාමට ද අවසර ඇති අතර, කෘෂිකර්ම සහ වෙළෙඳ විෂයය භාර අමාත්‍යවරයා මේ කාර්යයන් විධිමත් ව පාලනය කළ යුතු බව රජය දැනුම් දෙයි.