News

ඇඳිරි නීති වෙලාවේ කොළඹ වාහන නවතා තබන්නනට පණිවුඩයක්

ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වාහන නැවතුම් ගාස්තු අය කිරීම සදහා කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලය පවරා නොමැති බව කොළඹ මහ නගර සභාව පවසයි.

එබැවින් එම කාලය තුළ මෙම මාර්ගයන් හි වාහන නවතා තැබීම වෙනුවෙන් ගාස්තු ගෙවීමෙන් වළකින ලෙස කොළඹ මහ නගර සභාව මහජනතාව වෙත දන්වා සිටීයි.

මෙය වාහන නැවතුම් ගාස්තු ගෙවීම් මීටර යොදවා ඇති මාර්ගයන්ට ද අදාළ වන බව එම ආයතනය සදහන් කරයි.

මේ පිළිබද කිසියම් හෝ පැහැදිලි කිරීම් අවශ්‍ය නම් 077-1093127 දුරකථන අංකයට අමතන ලෙස කොළඹ මහ නගර සභාව දන්වා සිටීයි.