ඇමතිකම් අහිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව්දෙනා
නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් අද (20) දිව්රුම් දුන් අතර ඉන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට මෙවර කිසිදු කැබිනට් අමාත්‍යධුරයක් හිමි වී නොමැත.
එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ,
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, වසන්ත සේනානායක, විජිත් විජයමුණි සොයිසා හා ඩි.එම් ස්වාමිනාදන් යන මන්ත්‍රීවරුන්ය.
විජිත් විජයමුණි සොයිසා මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එක්වීමෙන් අනතුරුව නැවත පෙරේදා (18) දිනයේදී පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්තා.
වසන්ත සේනානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිව්වරක් පැති මාරු කර නැවත එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වුවත් ඔහුට අද දිනයේදී කිසිම කැබිනට් අමාත්‍යධුරයක් හිමි වුයේ නැත.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වනජීවී හා තිරසාර සංවර්ධනය පිළිබඳ අමාත්‍යවරයා වශයෙන්ද, ඩි.එම් ස්වාමිනාදන් මීට පෙර නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන කටයුතු, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා වශයෙන්ද කටයුතු කර අතර මෙවර එම මන්ත්‍රීවරුන්ටද කැබිනට් අමාත්‍යධුර හිමි වුයේ නැත.