News

ඇමතිකම් මාරුවුන අමාත්‍යවරුන් තුන්දෙනා

අද පෙරවරුවේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඉදිරියේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නා.

ඉන් තිදෙනෙකු වන රවී කරුණානායක, අර්ජුන රණතුංග සහ දයාගමගේ යන අමාත්‍යවරුන්ට පසුගිය ආණ්ඩුවේ හිමිවූ කැබිනට් අමාත්‍ය ධූර නොලැබී වෙනස්ම අමාත්‍යංශ හිමිවීම විශේෂ සිදුවීමක් බවට පත්ව තිබෙනවා.

රවී කරුණානායක මහතා පසුගිය රජය සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, ඔහුට මෙවර හිමිවූයේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන යන අමාත්‍යංශයි.

අර්ජුන රණතුංග මහතා ඛනිජ තෙල් කර්මාන්ත කටයුතු අමාත්‍ය ධූරයේ කටයුතු කළ අතර, මෙවර ඔහුට හිමිවූයේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධූරයයි.

දයා ගමගේ මහතාට මෙවර හිමිවූයේ කම්කරු, වෘත්තීය සමිති සබදතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය ධූරයයි.

ඔහුට මීට කටයුතු කරනු ලැබුවේ ප්‍රථාමික කර්මාන්ත කටයුතු අමාත්‍ය ධූරයේයි.