ඇමති මණ්ඩලය 28කට සීමා කරනමෙන් ජනපතිගෙන් ඉල්ලයි
ඉදිරියේදී දිව්රුම් දීමට නියමිත නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධූර ගණන 28 ට සීමා කරන ලෙස පිවිතුරු හෙළ උරුමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටි අතර කොළඹ අද පැවති තවත් මාධ්‍ය හමුවකට එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ මහමැතිවරණයක් පැවත්වීම සදහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට තුනෙන් දෙකක බහුතරය පෙන්වීම සදහා සහාය ලබාදීමට සුදානම් බවයි.