News

ඇමති රිෂාඩ්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ වත්කම්, ආදායම් හා බැරකම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මහජන අයිතීන් සුරැකීමේ පදනම විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.

උතුරු වසන්තය වැඩසටහන යටතේ ඔහුට යම් ආදායමක් ලැබී ඇත්දැයි පරික්ෂා කරන ලෙස ඔවුන් සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කරයි.

‍ඒ අනුව ඔහුගේ වත්කම්, ආදායම්, බැරකම් පරීක්ෂාවට ලක්කරන්නැයි මහජන අයිතීන් සුරැකීමේ පදනම ඉල්ලා සිටියි.