ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 4 ඉක්මවයි
ඇමෙරිකාවේ නව කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 400,546 ඉක්මවා ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවන ඇමෙරිකාව තුළ මේ වන විට සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 12,857කි.
තවත් ආසාදිතයින් 9,169දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ඇමෙරිකානු සෞඛ්‍ය අංශ සදහන් කරයි.
කෙසේ වෙතත් පුද්ගලයින් 21,711දෙනෙකු පූර්ණ සුව අතට පත්ව තිබේ.
