News

ඇමෙරිකාවේ කොරෝනා මරණ 22,000 ඉක්මවයි

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා ගිය සංඛ්‍යාව 114,247දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 22,115කි.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ද ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 560,433කි.

ඇමෙරිකාවට පසුව වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තාවන්නේ ඉතාලියෙනි.

එම සංඛ්‍යාව 19,899කි.

ස්පාඤ්ඤයෙන් මරණ 17,209ක්, ප්‍රංශයෙන් මරණ 14,393ක්, බ්‍රිතාන්‍යයෙන් මරණ 10,612ක් සහ ඉරානයෙන් මරණ 4,474ක් වාර්තා වේ.

ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 166,831ක්, ඉතාලියෙන් ආසාදිතයින් 156,363ක්, ප්‍රංශයෙන් ආසාදිතයින් 132,591ක්, ජර්මනියෙන් ආසාදිතයින් 127,854ක් සහ බ්‍රිතාන්‍යයෙන් 84,279ක් වාර්තා වේ.