ඇමෙරිකාවේ ආසාදිතයින් ලක්ෂ 2ක පනී – ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ ලක්ෂය පනී
ලොව පුරා කොරෝනා (COVID-19) වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 936,958 දක්වා ඉහළ ගොස් තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කළේ මෙතෙක් ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඇමෙරිකාවෙන් බවයි.
එම සංඛ්‍යාව 215,344කි.
ඊට අමතරව ඉතාලියෙන් ආසාදිතයින් 110,574ක් සහ ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 104,118ක් වාර්තා වේ.
ලොව පුරා කොරෝනා මරණ 47,264ක් වාර්තා වන අතර, ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වේ.
