ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරියත් ස්වයං නිරෝධායනයට
මේ වන විට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් වරියද ස්වයං නිරෝධායනයට ලක්ව ඇති බව
අනාවරණය වේ.
ඒ මහේස්ත්‍රාත් වරියගේ සැමියා වැලිසර නාවික හමුදා කදවුරේ නිළදාරියෙකු වන බැවිනි. ඔහු පසුගිය
12 දා පැමිණ නැවත 20 දා සේවයට වාර්තා කර ඇත.
මේ දක්වා ඔහුට මෙම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී නොමැත. එබැවින් මහේස්ත්‍රාත් වරිය සිය
කැමැත්තෙන්ම තම නිළ නිවසේම ස්වයං නිරෝධායනය වෙමින් සීටී.
ඒ හා සේවය කල පොලීසියේ නව දෙනෙකුටද ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.
(කොළොන්න_ප්‍රගීත් ජනක)
