ඇල්පිටියේ සභික නාම ලේඛන එවා නෑ – ගැසට් පත්‍රය ප්‍රමාදයි
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නම් කරන සභිකයන්ගේ නාම ලේඛන පක්ෂ ලේකම්වරුන් මෙතෙක් එවා නොතිබීම නිසා සභිකයන්ගේ නම් ඇතුළත් නාම ලේඛනය සහිත ගැසට් පත්‍රය නිකුත් කිරීම ප්‍රමාදවී ඇතැයි ගාල්ල තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ පවසයි.
සියයට විසි පහක කාන්තා නියෝජනයද ඇතුළත් වන පරිදි සභික නාම ලේඛන එවන ලෙස පක්ෂ ලේකම්වරුන්ට දන්වා යවා ඇති බවද ඔහු පැවසුවේය.
නාම ලේඛන දින දහයක කාලයක් ඇතුළතදී එවන ලෙස පක්ෂ ලේකම්වරුන්ට දන්වා තිබේ.
නාම ලේඛන ලැබුණු වහාම ගැසට් පත්‍රය නිකුත් කරන බවද තේරීම් භාර නිලධාරිවරයා කීවේය.
ඉකුත් 11 වැනිදා පැවති ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර දාහතක්ද (17), එක්සත් ජාතික පක්ෂයට සභික ධුර හතක්ද (07), ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සභික ධුර තුනක්ද (03), ජනතා විමුක්ති පෙරමුණට සභික ධුර දෙකක්ද (02) හිමිවිය.
සාලිය කුමාර ගුණසේකර
