ඇල්ල වැල්ලවාය මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් 09 දෙනෙකුට තුවාල
ඇල්ල, වැල්ලවාය මාර්ගයේ 24 කණුව අසලදී ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා ඇත.
ඔවුන් කතරගම වන්දනාවේ ගොස් යළි පැමිණෙමින් සිටියදී වෑන් රථය ප්‍රපාතයට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර තුවාලකරුවන් දියතලාව සහ බණ්ඩාරවෙල රෝහලට වලට ඇතුළත් කර ඇත.
සාධ්‍ය තත්ත්වයේ පසුවූ තිදෙනෙකු මහනුවර මහරෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි. අනතුර පිලිබඳ ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබයි.