ඇලෝසියස්ට උණ, ඇප ඉල්ලීම 01 වනදා
මහ බැංකු බැදුම්කරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා අද දින බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇත.
ඒ ඔහුට උණ රෝගයක් වැළඳි ඇති හෙයින් එලෙස බන්ධනාගාර රෝහල වෙත ඉදිරිපත් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ නඩුව අද(20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා තිබුණි. එහිදී පර්පචුවල් ට්‍රේෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන යන අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ඇප ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.
ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 01 වනදා ප්‍රකාශයට පත්කරන බව දැනුම් දුන් ප්‍රධාන මහේස්ත්‍රාත් සැකකරුවන් දෙදෙනා එදින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කර ඇත.