ඇස්ට්‍රාසෙනෙකා එන්නතට රුධිරය කැටි ගැසෙනවා ද?
තාවකාලිකව අත්හිටවූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත යළි ලබා දීමට යුරෝපා සංගමයේ ප්‍රධාන රටවල් නැවතත් තීරණයකර තිබේ.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත “ආරක්ෂාකාරී සහ ප්‍රතිඵලදායක” බවට යුරෝපා සංගමයේ ඖෂධ නියාමන ආයතනය නිවේදෙනය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත ලබාගත් පුද්ගලයින් කිහිපදෙනෙක් ගේ රුධිර කැටි ගැසීම් වාර්තා වීමත් සමගම යුරෝපා සංගමයේ රටවල් 13ක් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් භාවිතය පසුගියදා තාවකාලිකව නවතා දැමීය.
උද්ගතවූ තත්වයත් සමඟ යුරෝපා සංගමයේ ඖෂධ නියාමන ආයතනය පසුගිය සතියේ රැස්ව එන්නත යළි සමාලෝචනය කළ අතර එහිදී රුධිර කැටි ගැසීම සහ එන්නත අතර සම්බන්ධයක් නොමැති බව ඖෂධ නියාමන ආයතනය තහවුරුකර තිබේ.
ඒ අනුව ජර්මනිය, ප්‍රංශය , ඉතාලිය සහ ස්පාඤ්ඤය යළි සිය එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමට තීරණය කර තිබෙන අතර ස්වීඩනය පවසා ඇත්තේ එන්නත සම්බන්ධ තීරණයක් ගැනීමට තවත් දින කිහිපයක් අවශ්‍ය බවයි.