ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාදීම තවදුරටත්
කොවිඩ් වෛරසය මර්දනය සදහා ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙල මෙරට තුළ ඉදිරියටත් සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ අද (02) උදෑසන සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට පැමිණි බවයි.
ඒ අනුව වයස අවුරුදු 60ට වැඩි අවධානම් කලාපවල සිටින පුද්ගලයින්ට සහ සෙසු පිරිසට ඉදිරියටත් කොවිඩ් පළමු මාත්‍රාව ලබාදීම සිදුකරනු ඇති.
කොවිඩ් මර්දනය සදහා දෙවැනි මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යයනය කර වඩාත් සුදුසු ආකාරය ඒ පිළිබඳ ඉදිරියේ දී දැනුම්දෙන බව ද වෛද්‍යවරයා පැවසීය.
කෙසේ වෙතත් මීට පෙර, වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ මෙරට තුළ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම තාවකාලිකව නතර කර ඇති බවයි.