ඇ.ඩොලරයක විකුණුම් මිල රු. 202 ඉක්මවයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ ප්රථම වරට ශ්රී ලංකා රුපියලේ අගය අද (31) රුපියල් 202 ඉක්මවා පහළ ගොස් තිබේ.
ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (31) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිලෙහි අගය සටහන් වූයේ රුපියල් 202.04ක් ලෙසයි.
ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල ලෙස අද දිනයේ සටහන වූයේ රුපියල් 197යි ශත 62ක් ලෙසිනි.