News

ඉඩම් කොමිසමේ අක්කර 17ක් පෞද්ගලික සමාගමකට

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඹුල්පේ බ්‍රැම්ප්ටන් වතුයායේ අක්කර දාහතක් මල් වගා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා පෞද්ගලික සමාගමකට ලබාදීමට ඉඩම් අමාත්‍යාංශය තීරණය කර ඇත.

මල් වගාව සඳහා මෙම සමාගමට මීට පෙරද බ්‍රැම්ප්ටන් වතු සමාගමේ අක්කර විස්සක භූමි ප්‍රමාණයක් ලබාදීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබිණි.

රජයේ තක්සේරුකරුගේ තක්සේරු වටිනාකම මත වසර පහෙන් පහට බදු මුදල සංශෝධනය කරමින් වසර තිහක කාලයක් සඳහා අක්කර දාහතක් ලබාදීමට ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇත.

මෙහි වගා කරන මල් අපනයනය කිරීමට නියමිතය. ඉඩම ලබාගැනීම සඳහා ඉඩම් ඇමැති එස්. එම්. චන්ද්‍රසේන ඇමැති මණ්ඩලයට කරුණු වාර්තා කර තිබේ.

උදයජීව ඒකනායක