News

ඉතාලියේ ශ්‍රී ලාංකිකයින් විරෝධතාවයක

ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කරනු ලැබූ වාර්තාව පදනම් කර ගනිමින් එයට  එරෙහිව ඉතාලියේ නිලනෝ නුවර නගරයේ දී විරෝධතාවයක් පවත්වා තිබේ.

විරෝධතාව සංවිධානය කර තිබුනේ මිලානෝ නුවර චෙන්ත්‍රාලේ ප්‍රධාන දුම්රියපොළ ඉදිරිපිය. මේ සඳහා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධවී තිබේ.

නිරෝධායන නීති රීති වලට අනුකූලව පැවති උද්ඝෝෂණය සඳහා පොලිස් ආරක්ෂාවද ලබාදී ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මානව හිමිකම් කොමසාරිස්වරිය ලංකාව සම්බන්ධයෙන් වාර්තාව පසුගියදා ඉදිරිපත් කර තිබුණි.