ඉතාලියේ සිට ලක්ෂ 03 ක් වටිනා විදේශීය මත්පැන්
ඉතාලියේ සිට හොර රහසේ මෙරටට ගෙන්වන ලද බවට සැකකරන රුපියල් ලක්ෂ 03 ක් පමණ වටිනා විදේශීය මත්පැන් බෝතල් 48 ක් සමග සැකකරුවන් තිදෙනෙක්ව සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කුඹුක,ඔබේසේකරපුර සහ බණ්ඩාරගම යන ප්රදේශ වල සිදු කරන ලද වැටලීම් වලදී විදේශීය මත්පැන් බෝතල් තොගය සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ඇප මත මුදා හැර ඇති අතර ඔවුන්ට එරෙහිව ලබන 13 සහ 14 යන දිනයන්හී හොරණ සහ මාළිගාකන්ද යන අධිකරණයන්හී නඩු පැවරීමට කටයුතු කරන බව වැටලීම කළ නිලධාරීන් සදහන් කරයි.
ජුඩ් සමන්ත
