News

ඉදිරියේදී අපනයනයට මුල් තැන දෙන සීඝ්‍ර ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා

ඉදිරි වසර කිහිපය තුළ අපනයනයට මුල්තැන දෙන ​සිඝ්‍ර ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මෙරට ආර්ථිකය නගා සිටුවීමට නම් අපනයන ආදායම ඉහළ දැමිය යුතු බවයි.

බණ්ඩාරගම පොදු වෙළෙඳ සංකිර්ණය ජනතා අයිතියට පත් කිරිමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළ අතර යුද්ධය අවසන් වු පසු යළි ආර්ථීක සංවර්ධනයක් කිරිම සඳහා එම කාලයෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගත් බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.